Sunday, April 28, 2019

68. එදා විසි එක බක් මහේ

සඳත් නෑ ඇවිදිල්ල අහසට පෙනෙන මානයෙ අඳුරමයි
ඉඩක් නෑ සිත සතුටකට ඇසු දුටුව තැන දුක කඳුලමයි
වගක් නෑ වෙන කාටවත් මේ අපිට අපි ටික විතරමයි
අදත් මේ දුක් කවි ලියන්නේ මල් කුමාරියෙ නුඹටමයි

අගේ කර මුතු ඇටේකට සම කලත් සයුරෙහි සුන්දර
මගේ මව් බිම කඳුළු බිඳුවකි යලිත් ලොව ඉහ ඉද්දර
බලේ ඇතිවුන් සැඟවුනා අප වෙතට විසිකර ගින්දර
අනේ කාටද කියන්නේ අවනඩුව තව නෑ උත්තර

එකට ගොස් වුවහොත් යමක් නෑ මාගෙ පැන්චිට කවුරුවත්
දෙකට බෙදිලා යන්නේ එනිසයි කොයිතරම් කරදර වුවත්
ලඟට විත් සුරතල් වෙලා කර දෙන්න අප සිත් සුවඳවත්
හවස ආපසු එන්න වේවිද කියන්නට බෑ කොහොමවත්

විදා පෙති තුරු හිසක් මත මල් පිපෙන විට සෙනෙහස තියා
සිතා සිටියේ එ මල් සුවඳින් ලොවම සැනසේවිය කියා
හැබෑ වෙන්නැති හීනයක් වී නෙතග උණු කඳුළැලි තියා
එදා විසි එක බක් මහේ ඒ පැතුම් මිහිදන් වී ගියා

4 comments:

  1. එදා විසි එක බක් මහේ ඒ පැතුම් මිහිදන් වී ගියා
    නොදා ආරක්ෂාව හින්දම රටම භයකින් ඇවිලියා
    මෙදා තවමත් ගින්න තිබෙනව හැමතැනම අඩුවී නොයා
    හොදා කාරව හිතට ගනු එය ඔවුන් ලග නොමැතිලු දයා...

    හොඳ නිර්මාණයක්.
    ජයවේවා!!!

    ReplyDelete

සේපාලිකා මල් වෙත පැමිණි ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඉඩක් ඇත්නම් ඔබේ අදහස මෙහි තබා යන්නත් අමතක කරන්න එපා. මුහුණු පොතෙන් මගේ කවි පිටුව කියවන්න කැමති අයට ( මෙතැනින් ) පිවිසිය හැකියි.