Wednesday, April 17, 2019

65. කොස් ඇට මීයෝ

කොහේද මන්දා ඉඳලා - කෑම සොයාගෙන රහසෙම
ලඟදි අපේ ගෙදරට ආ - කොස් ඇට මීයෝ

අයියට අහු වුනොත් ඔයා - දොර පොල්ලෙන් චටස් පටස්
එහෙ මෙහෙ යනකොට තරමක් - පරිස්සම් වෙයන්

මී කතුරක් අටවන්නට - තාත්තා දොර ළඟ රැකගෙන
පුච්චපු පොල් කෑලි එහෙම - කන්න නම් එපා

මෙයා හරිම හිරිහැරයක් - ගෙදර අයට කරදරයක්
ලෙඩත් හැදෙනවා හැපුවොත් - අම්ම කියනවා

අම්මගෙ ඒ කීම අහල - ඔයා මල්ලකට දාන්න
ඔන්න එනවා මද්දුමයා - හැංගිලා ඉඳින්

සියලු දෙනා ඔබට හතුරු - මම විතරක් ඔබට මිතුරු
මගේ පොතුත් ඔයා කාල - අනේ අනිච්චං

පසු ගිය කාලය තිස්සේ - මරණය නුඹ පසුපස්සේ
පණ බේරාගෙන පැටියෝ - වෙනතක පලයන් ...


ප.ලි.
විනීත පූ පොඩි කාලේ පුවත්පතක කියවූ කවියකි
අදටත් තිබෙන මතකය ගැන සතුටින් ලියා තබමි.


4 comments:

  1. මං හිතුවේ චූටි බබෙක් කියලා

    ReplyDelete
    Replies
    1. අපරාදෙ මට තිබුනෙ ප.ලි නොලිය ඉන්න. බොහොම ස්තුතියි කමෙන්ට් එකට සහ අටම්පහියට ඇතුල් කර ගත්තට.

      Delete
  2. රුසියානු ගතියක් දැණුනා

    ReplyDelete
    Replies
    1. ඒ කොහොමද එහෙම වුනේ. කොස් ඇට මීයා රුසියන්?

      Delete

සේපාලිකා මල් වෙත පැමිණි ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඉඩක් ඇත්නම් ඔබේ අදහස මෙහි තබා යන්නත් අමතක කරන්න එපා. මුහුණු පොතෙන් මගේ කවි පිටුව කියවන්න කැමති අයට ( මෙතැනින් ) පිවිසිය හැකියි.