Tuesday, April 23, 2019

66. මොකද්දම්මා ඔක්කෝටම වෙලා තියෙන්නේ

මොකද්දම්මා බෝම්බයක් කියා කියන්නේ
කියන්නකෝ අනේ ඒවා කඩෙන්ද ගන්නේ
බැලුම් බෝල වගේද ඒවා පිපිරෙන්නේ
බයක් ඇවිල්ලද අම්මල ළමයි අඬන්නේ

ඒව ඇතුලෙ දයියා පුච්චි ගිනි ද තියෙන්නේ
කොහෙන්ද එතකොට අරවගෙ කළු දුම එන්නේ
ඩෝන් ඩෝන් ගාල නේද සද්දෙ ඇහෙන්නේ
කන් දෙක වහගත්තොත් නෑ නේද ඇහෙන්නේ

අක්කලාට ඉස්කෝලත් නෑලු වහල ලූ
පුංචිලාගේ කැම්පස් ඒක ඒත් වහල ලූ
අපිට ඩේ කෙයාත් නෑ සතියක්ම වහල ලූ
පාරෙ ඉන්නේ පොළිස් මාමලා විතරයිලූ

තාත්ත ටී වී එක ළඟ නෑ හෙලවෙන්නේ
අම්මත් අද වර්කින් ප්රොම් හෝම් කියන්නේ
ආච්චම්ම පැයෙන් පැයට කෝල් කරන්නේ
කොහෙවත් නොගිහින් ගෙදරම ඉන්න කියන්නේ

මාව වඩන් උකුලෙ තියන් ගොළුවෙල ඉන්නේ
ගෙදර වැඩත් වෙනදා වගෙ නෑනෙ කෙරෙන්නේ
හිතට හරිම අමුත්තක් නෙ මට තේරෙන්නේ
මොකද්දම්මා ඔක්කෝටම වෙලා තියෙන්නේ

2 comments:

  1. පව්. ඔයා ඉතින් විස්තරේ කියල දෙන්නකො එයාට. බුම්මගෙන ඉන්නේ නැතුව.

    ReplyDelete
  2. ඔව් ඔව් කියල දෙන්න ඕන. ටැංකිව් අදහසට.

    ReplyDelete

සේපාලිකා මල් වෙත පැමිණි ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඉඩක් ඇත්නම් ඔබේ අදහස මෙහි තබා යන්නත් අමතක කරන්න එපා. මුහුණු පොතෙන් මගේ කවි පිටුව කියවන්න කැමති අයට ( මෙතැනින් ) පිවිසිය හැකියි.