Saturday, September 16, 2023

250. නිදහස
















සිනාසී කඳුළු බිඳු 
එකතුකර  අහවරයි 
සියලු දේ උසුලමින් 
සිටින්නේ හදවතයි   

බැඳුණු තැන් වෙළුණු තැන් 
කොහොමටත් වේදනයි 
තනිව යා හැකියි නම් 
ගමන හරි සුන්දරයි 
 
රිදවගන්නට තවත් 
හිතට සවි නැති කමින්
අතැරියා හුඟක් දේ
සුළගෙ යන්නට හිතින්

කැපුම් සීරුම් රිදුම් 
කවි අතර සඟවමින් 
පෙම් කරමි නිදහසට 
සරුංගලයක් ලෙසින්.

(පින්තූරය අන්තර්ජාලයෙනි.)


2 comments:

සේපාලිකා මල් වෙත පැමිණි ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඉඩක් ඇත්නම් ඔබේ අදහස මෙහි තබා යන්නත් අමතක කරන්න එපා. මුහුණු පොතෙන් මගේ කවි පිටුව කියවන්න කැමති අයට ( මෙතැනින් ) පිවිසිය හැකියි.