Thursday, September 14, 2023

249. ඇබ්බැහි


















හුඟක් අය පලක් නැති 
නවකතා පොත් මෙනී 
අරුත් සුන් වදන් බොල් 
දිගු වේවි වදවෙනා 

තවත් අය මොකුත් නැති  
කෙටි කතා පොත් මෙනී 
දුවන් ගොස් හිටිගමන් 
අතරමැද හිරවෙනා 

පෙළක් අය සති දෙසති
මාස සඟරා මෙනී 
විටින් විට තැනින් තැන 
රස නිරස කැළතෙනා 

කෙනෙක් දෙන්නෙක් එයින් 
මිහිර පිරි කවි මෙනී 
වරක් කියවූ සැණින් 
තදින් ඇබ්බැහි වෙනා.


(පින්තූරය අන්තර්ජාලයෙනි.)


2 comments:

  1. //තදින් ඇබ්බැහි වෙනා// ටිකක් ඩෙන්ජරුත් වාගේ ඇබ්බැහිය 💘

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්. බයංකරයි තමා. ස්තුතියි නමී

      Delete

සේපාලිකා මල් වෙත පැමිණි ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඉඩක් ඇත්නම් ඔබේ අදහස මෙහි තබා යන්නත් අමතක කරන්න එපා. මුහුණු පොතෙන් මගේ කවි පිටුව කියවන්න කැමති අයට ( මෙතැනින් ) පිවිසිය හැකියි.