Sunday, September 10, 2023

247. කවි පේලියක් අතර




 




 




 
 මට මගේ ඇස් අස්සෙ හංගන්න 
 හැකියි නම් එක හිනාවක් දෙන්න 
 හැරී නොබලා ඉතින් ඊට පසු 
 හැරුණු පාරෙන් ඔහොම ඔබ යන්න 

 සුළි සුළං හමන විට දසතින්ම 
 තේරුමක් නෑ පහන් දල්වන්න 
 මේ ප්‍රේමයේ ඉමයි හමුවෙන්නෙ 
 ඔබ දන්නෙ නෑ එ ඉම කියවන්න 

 වසන්තය ආවාට අපෙ නොවෙයි 
 හැකි නොවේ බලෙන් මල් ඇහැරන්න 
 ඒත් එහෙමයි කියා පුළුවන්ද 
 මුලින් ඉදිරි බිමින් වැතිරෙන්න 

 කොතන හරි වැර­දිලා බව හැඟෙයි 
 බොහෝ තැන් තියේ යලි විමසන්න 
 දුක් වේදනා තනිව විඳගන්න හැකියි 
මට හෙමි හෙමින් හුරුවෙන්න 

 සඳ එළිය නැති උනත් කමක් නෑ 
 රාත්‍රිය ඉක්මනින් එළඹෙන්න 
 මට ඕනෙ කාගෙනුත් දුරස් වී 
 කවි පේලියක් අතර තනිවෙන්න! 

 (පින්තූරය අන්තර්ජාලයෙනි.)


6 comments:

  1. තුන්වෙනි කවියෙදි "ඒත් එහෙමයි කියා පුළුවන්ද
    මුලින් ඉදිරි බිමින් වැතිරෙන්න" කියන එක අවසාන පේලියට යන විට "මට ඕනෙ කාගෙනුත් දුරස් වී කවි පේලියක් අතර තනිවෙන්න!" කියන විට මුලින් පෙන්වූ ධෛර්යය පසුව වියැකී යන බවක් ද හැඟවෙන්නේ?

    ReplyDelete
    Replies
    1. නැහැ. කාගේවත් සහයක් නැතුව නිවාඩු පාඩුවේ වැරදි අවබෝධකරගෙන තනියෙන් හිත හදාගන්න තමයි ඕන වෙලා තියෙන්නේ. සමහරුන්ට කවි ලිව්වාම කියෙව්වාම හිත හැදෙනවා වගේම තව ශක්තිමත් වෙනවා නේද .
      ගොඩක් ස්තුතියි සීකර්.

      Delete
  2. //මට ඕනෙ කාගෙනුත් දුරස් වී // - යසයි. අර උඩහ කොමෙන්ටුවේ ලියල තියෙනව වගේ පොඩි රීස්ටාර්ට් එකක් ගන්න නම් කමක් නෑ. දිගටම තනි වෙන්න ලැහැත්ති වෙන්න එපා ඉතීම් 👀

    ReplyDelete
  3. අපූරු කවිපෙළ. ඇත්තටම අපූරුයි ♪

    ReplyDelete

සේපාලිකා මල් වෙත පැමිණි ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඉඩක් ඇත්නම් ඔබේ අදහස මෙහි තබා යන්නත් අමතක කරන්න එපා. මුහුණු පොතෙන් මගේ කවි පිටුව කියවන්න කැමති අයට ( මෙතැනින් ) පිවිසිය හැකියි.