Monday, September 11, 2023

248. කම්පා

 


 සිහින් හසරැල්ලකද 
 සුසුම් කඳුලැල්ලකද 
 අගිස්සෙන් සිටින්නේ 
 අම්මා ...

 තුන් සරණෙ කවියකද 
 උදා ඉර එළියකද
 සුවඳක්ව දැනෙන්නේ 
 අප්පා ....

 පාළු මහගෙදර අද 
 උනුන් තනි රකින සඳ 
 නිරන්තර පෙළයි හද 
 කම්පා .... 

 ඉකිබිඳුම් ඇසෙන රැය  
 හීනෙකින් ලඟට ගිය 
 දුවක් වැහැරුණු නළල් 
 සිම්බා ...

 (පින්තූරය අන්තර්ජාලයෙනි.)

2 comments:

සේපාලිකා මල් වෙත පැමිණි ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඉඩක් ඇත්නම් ඔබේ අදහස මෙහි තබා යන්නත් අමතක කරන්න එපා. මුහුණු පොතෙන් මගේ කවි පිටුව කියවන්න කැමති අයට ( මෙතැනින් ) පිවිසිය හැකියි.