Friday, June 28, 2019
88. හීන් සුවඳ
වැසී කාලයෙ වැලි තලාවෙන් එදා පිපි මල් පරවෙලා
හැපී සුසුමක අතරමග සුනු විසුණු පැතුමක් නැවතිලා
කඩා නොවැටී මහමෙරක් දුක ඉවසාගත් හැටි ගොළුවෙලා
හැබෑ නොවුනත් අපේ හීනය අපට නැත මග වැරදිලා
ලැබී අත්තටු වියේ සමනල් හීන අපවෙත ලං වෙලා
දැනී මිහිරක් නුහුරු හැඟුමක අපේ හිත් මන්මත් කළා
හිනා වීගෙන කඳුළු බිඳු අපි එකින් එක එක්කහු කළා
නොතේරුම්කම කැකුළු හිත්වල අපිව අහසට විසි කළා
තාත්තෙක් අද උන්ගෙ ලෝකෙට නුඹට කිරුළක් හිමිවෙලා
මාත් අම්මෙක් රෝස මලකට සිනා සුරතල් හමුවෙලා
පාන්දර පිණි වැස්ස ළඟ ඉඳහිටෙක මතකය ඇවිලිලා
හීන් සුවඳක් ගෙනාවට එහි තියෙද වරදක් මුහුවෙලා?
Subscribe to:
Post Comments (Atom)
සේපාලිකා මල් වෙත පැමිණි ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඉඩක් ඇත්නම් ඔබේ අදහස මෙහි තබා යන්නත් අමතක කරන්න එපා. මුහුණු පොතෙන් මගේ කවි පිටුව කියවන්න කැමති අයට ( මෙතැනින් ) පිවිසිය හැකියි.
ReplyDeleteඔයාගේ කවිය කියෙව්වම මම කාලෙකට කලින් ලියපු මේ කවිය මතක් උනා. ඔන්න මෙතන ඇමිණුවා ඒකත්.
ඉස්සරම ඉස්සරින්
පරවෙච්ච හීනයක්
අහම්බෙන් මඟ තොටක
ආයෙ ඇස ගැටෙනකොට
කොච්චරක් දුර උනත්
හිත ආයෙ අහන්නෙම
හුස්මකට දුරින්වත්
නවතින්න පුලුවන්ද
සම්මතේ කර වටක්
ගිලී මියැදෙන හීන
කල් ඉකුත් වූවාට
තාම සොඳුරුයි බෝම
රන් පාට හේදුනත්
මුදු'ගිල්ලෙ බර ගාව
නවතින්න වෙන්නේම
මුව පැටව් ඇස් සිහිව
ජීවිතේ අතර මඟ
එදා ගබ්සා වෙච්ච
ප්‍රේමයේ මුල් කැලළ
කිසිදාක සුව නොවන
කාලයේ වැලි තලා
හෝදගෙන ගිය මතක
ආයෙ උඩ එන්නෙපා
ඉතින් ඇහැරෙමු හනික
ස්තුතියි සඳ. අම්මෝ මේකෙ ලස්සන.
Deleteහැමදාම වගේ හරිම ලස්සනයි!
ReplyDeleteබොහොම ස්තුතියි පවන්.
Deleteහීන් සුවඳක් ගෙනාවට එහි තියෙද වරදක් මුහුවෙලා?
ReplyDeleteNot sure .
බොහොම ස්තුතියි ඉයන්. හ්ම්ම් මටත් Not sure.
Deleteලස්සන කවියේ, මං ආසම මේ කොටසට..,
ReplyDeleteතාත්තෙක් අද උන්ගෙ ලෝකෙට නුඹට කිරුළක් හිමිවෙලා
මාත් අම්මෙක් රෝස මලකට සිනා සුරතල් හමුවෙලා
පාන්දර පිණි වැස්ස ළඟ ඉඳහිටෙක මතකය ඇවිලිලා
හීන් සුවඳක් ගෙනාවට එහි තියෙද වරදක් මුහුවෙලා?
බොහොම ටැංකිව් හොඳේ.
Delete