පාට පුරවන් ආයෙ පිපිලා යාය දිගටම අලුත් මල්
ආස සුවඳක් හිතට එබෙනව නාව මිහිරක මෙතෙක් කල්
දාල අහසම බිමට බැහැගෙන එන්න හිතුනත් හුඟක් කල්
ආයෙ පහලට එන්නෙ කොහොමද නූල කැඩුනම සරුංගල්
ඉතුරු කරගෙන හීන හෙටටත් බිඳී නොගොසින් පැනයක
නතර කර හිත සඟව ගන්නෙමි පාට සේදුනු සිහිනෙක
මිතුරු සුළඟට කියා සිහිලක් රැගෙන එන මෙන් දිනයෙක
අකුරු ලස්සන කරමි තනියෙන් තාලෙ ගිලිහුණ කවියක.
ඒකේ ලස්සන.... නියමයි....
ReplyDeleteබොහොම ස්තුතියි අරූ.
Deleteආයෙ පහලට එන්නෙ කොහොමද නූල කැඩුනම සරුංගල්
ReplyDeleteඒක මාරයි....මම ආසයි ඒ පදේට
බොහොම ස්තුතියි සඳ.
Deleteආයෙ පහලට එන්නෙ කොහොමද නූල කැඩුනම සරුංගල්
ReplyDelete++++++++
බොහොම ස්තුතියි ඉයන්.
Deleteහරිම ලස්සනයි.
ReplyDeleteබොහොම ස්තුතියි මියුරු.
Delete