Monday, July 29, 2019
94. දේදුනු කුමාරි
උදේ ඉඳලම අහුලමින් මල් වසන ගෙල මල් මාලෙකින්
අගේ කර කර කියන සුරතල් කතා ඉමිහිරි තාලෙකින්
හදේ ජීවන ගීය මුමුනා සිඹින සිත මුදු ආලෙකින්
මගේ දේදුනු කුමාරිට නෑ ලිව්වෙ කවියක් කාලෙකින්
රතු තැඹිලි කඩනා කොලූ නිල් ඉරක් දකිනවා යැයි ගයා
පාට දේදුන්නේ හැදෙන්නේ මෙලෙස යයි දුන්නත් කියා
හිටි ගමන් මුහුණම දෙකක් කර අම්ම හරි නෝටියි ඔයා
ගතු කියයි දේදුන්නෙ පාටට රෝස දැම්මේ නෑ කියා
උඩ අඳින්නට යා කරන්නට රූප සොයමින් එක වගේ
සිය ගණන් මට ඇක්ටිවිටි දෙන පුංචි ගුරුතුමියයි මගේ
හැඩි කරයි ගෙය කුරුටු බලි ඇඳ කලා භවනක් කර අගේ
බැරි වුනොත් ඇති පොඩ්ඩ ඇමිණී එන්න කටු අත්තක් වගේ
දහය වනතුරු සෙනසුරාදට නිදාගත් දින සැප අරන්
ඇරියසුත් එක්කම ඉතින් දැන් ගෙවා දමනෙමි දුක දරන්
කිමුහුමක් මුත් ගියොත් ඉවරයි නැගිටගන්නට උඩ පැනන්
හොඳවයින් අමතමි දෙකක් ඇසෙතැයි බියෙන් කට තද කරන්
මොන සැපක් තිබුනත් ඉතින් මේ ජීවිතෙන් ක්ෂය වී යන
රස විතක් දකිනෙම් කෙසේ පොඩි පැංචියෙකු ගෙයි නැති තැන
පෙති විදා සුවඳම මලක් වී සිනාවක් දෝතින් ගෙන
එන තුරා හෙට දින පිපී මග බලා ඉන්නෙමි දින ගැන.
Subscribe to:
Post Comments (Atom)
සේපාලිකා මල් වෙත පැමිණි ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඉඩක් ඇත්නම් ඔබේ අදහස මෙහි තබා යන්නත් අමතක කරන්න එපා. මුහුණු පොතෙන් මගේ කවි පිටුව කියවන්න කැමති අයට ( මෙතැනින් ) පිවිසිය හැකියි.
හරිම අගෙයි . දරුවන් ගේ ලෝකය තරම් සුන්දර ලෝකයකයක් මේ මිහිපිට නැති තරම්. කිවේන්යාත් මේ වගේමයි . ❤️
ReplyDeleteබොහොම ස්තුතියි කලණ. ඇත්ත. ඒ තරම් සුන්දර ලෝකයක් වෙන තියෙන්න විදියක් නැහැ.
Deleteදවස් ගාණකට පස්සෙ විදින්න ලැබුණ අගේඇති කවියක් !!!
ReplyDeleteබොහොම ස්තුතියි පවන්. දිගටම එන්න.
Deletevery nice
ReplyDeletehttps://kadadasikole.blogspot.com/2018/07/186-suger-lil.html
බොහොම ස්තුතියි ලිඛිතා. ඔයාගෙ දඟකාර පොට්ටනිය කියෙව්වා. හරිම අපූරුයි.
Deleteබොහොම ස්තුතියි සඳවතියේ.
ReplyDeleteහරිම ලස්සනයි විනීත පූ....
ReplyDeleteජයවේවා!!!
බොහොම ස්තුතියි දුමී.
Deleteරටක් වටින කවි
ReplyDeleteබොහොම ස්තුතියි අපූරු මලී.
Delete