Friday, July 19, 2019
91. අරලිය
අරන් යන්නට සුසුම් පා කර සුළං සිහිලැල්ලක් අග
හිතින් මතකය අවුස්සමි නැවතිච්ච කවි සොයමින් මග
බලන් හිටියට ආයෙ එන්නැති කෙනෙක් ගැන සුවඳකි හුඟ
ගිලන් හිත ගොස් නතර කරගමි අදත් අරලිය මල් ළඟ
දුකක් මුසු මුදු සුවඳ විහිදන දැහැනකට දුර සමවැද
අනන් තෙට හිත අරන් නික්මෙයි සෙනෙහෙ බිඳකින් පිරිමැද
ගොඩක් පින් මේ සුවඳ දෙනවට නුඹයි මගෙ මල දිනුහද
එයත් ආසම සුවඳ අරලිය නොදන්නෙමි තව එහෙමද
පහක් සුදු පෙති මැදින් ලා කහ පාට සායම් නැලවුනූ
අහක් කරගන්නටම බෑ හිත දුටුව තැන නුඹ ඇලවුනූ
බිඳක් ගෙන හිත නිවා ගන්නට තරම් සුවදක් හිමිවුනූ
මතක් කර දේ නොනිමි සසරෙහි අතරමග අපි නැවතුනූ
කැඩී පත් බිම වැටෙන විට මුදු සිනිඳු හිත හිරි වැටුනනම්
බිදී ගොස් දුක දැනී හොඳටම කඳුළු කිරි ගඟ ගැලුවනම්
නැගී යලි හිනැහෙන්න බැරි බව සියක් වර මුත් සිතුනනම්
හිතේ ලස්සන අරන් කොහොමද පිපුනෙ සුදු මල් ඔයතරම්
වලක්වන්නට නොහැකි සුළඟින් කැඩුණු හිත යලි ඇහිදින
නවතන්නෙම නැතිව සුසුවද ලොවට සෙනෙහෙන් විසුරන
එකක් වත් කොළ නැතිවූ දිනටත් මලක් අතු අග පුබුදන
නුඹත් මේ හිත වගෙයි හරියට හිනාවෙන් දුක උහුලන.
ප.ලි. අරලිය ගැන නොලියා වෙන දෙයක් ලිවීමට නොහැකි අයුරින් අරලිය මතක යලි අවදි කල කිඹුලියට ස්තුතියි.
Subscribe to:
Post Comments (Atom)
සේපාලිකා මල් වෙත පැමිණි ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඉඩක් ඇත්නම් ඔබේ අදහස මෙහි තබා යන්නත් අමතක කරන්න එපා. මුහුණු පොතෙන් මගේ කවි පිටුව කියවන්න කැමති අයට ( මෙතැනින් ) පිවිසිය හැකියි.
අනේ...මං මේ දුවන් ආවේ කියන්න මාත් අරලිය ගැන ලිව්වා...අපි හැමෝටම අරලිය මතක තියෙනවා කියලා කියන්න...මේ පද හරිම අපූරුයි විනීත පූ
ReplyDeleteස්තුතියි කිඹුලි. ඔයාගේ අරලිය මතකයේ ප්‍රතිපල තමයි මේ.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඇහල මල් අරලියා මල් බුදාම්මෝ මේක මල් ලෝකයක්.....හි හී
ReplyDeleteස්තුතියි සඳවතියේ. ශෝක් නේ මල් ලෝකේ.
Deleteලස්සන නිර්මාණයක්.
ReplyDeleteජයවේවා!!!
ස්තුතියි දුමී. ඔයාගෙත් ලස්සන නිර්මාණයක් ඉක්මනට දාන්නකෝ අපිට බලන්න.
Deleteලස්සනයි පූ...
ReplyDeleteස්තුතියි මිහිරි.
Delete