Wednesday, December 2, 2020

144. ඒ වගේ ..













මේ මල් පිපෙන්නේ කෙසේ
මේ රළ බිඳෙන්නේ කෙසේ
මේ තරු දිලෙන්නේ කෙසේ
අපි හමු වුනෙත් ඒ වගේ ...

සඳ එළිය සියුමැළි කෙසේ
නිල් අහස පැහැදිළි කෙසේ
මඳ පවන සිහිලැල් කෙසේ
අපෙ ආදරෙත් ඒ වගේ ...

මල් සුවඳ දෙන්නේ කෙසේ
බිඟු ගී ගැයෙන්නේ කෙසේ
පිණි මුතු දිලෙන්නේ කෙසේ
අපි අපෙ වුනෙත් ඒ වගේ ...

තුරු පත් හැලෙන්නේ කෙසේ
රොන් සුණු සැලෙන්නේ කෙසේ
සුසුමන් මිදෙන්නේ කෙසේ
අපි වෙන් වුනෙත් ඒ වගේ ...


2 comments:

  1. මේක සිංදුවක් කරන්න පුළුවන් පහසුවෙන්ම.

    ReplyDelete
    Replies
    1. ඉතින් කරන්නකො :) ස්තුතියි සුදීක.

      Delete

සේපාලිකා මල් වෙත පැමිණි ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඉඩක් ඇත්නම් ඔබේ අදහස මෙහි තබා යන්නත් අමතක කරන්න එපා. මුහුණු පොතෙන් මගේ කවි පිටුව කියවන්න කැමති අයට ( මෙතැනින් ) පිවිසිය හැකියි.