වෙන්නේ අවදි මහ හයියෙන් අඬාගෙන
යන්නේ එහෙට මෙහෙටයි කවි කියාගෙන
පොඩි උන්නැහේ අද දවසෙම වඩාගෙන
ගොරවයි මෙමට කටහඬ සැර පාට වෙලා
අමනාපෙන් ද කොහෙදෝ ආරුඩ වෙලා
මූනෙත් හිනාවක් නෑ ඇත පාලු වෙලා
අද නම් වයර් ටික ඔක්කොම මාරු වෙලා
දැන්නම් ඇතිය කොන්දත් රිදෙනවා තදට
මොනවා කරන්නද යන්නෙම නෑ ඇඳට
අනෙ ඇත්තමයි අරගෙන නවලා දෙකට
ආපහු හිතෙනවා දාගන්නට බඩට!
No comments:
Post a Comment