කතන්දරයක් යනෙන ගමනේ වලාකුලකට කියනවා
අනන්තයටම යන්න වාගෙයි ගමන ඉක්මන් කරනවා
සරුංගලයක් අන්න ලස්සන අහස තලයේ සරනවා
යැව්වෙ කවුරුද ඉහල ඔච්චර සරුංගලයේ මතකද
ඉන්නෙ ඔතරම් උඩින් තවමත් බයක් හෙම සිත නැතුවද
අල්ලගන්නම් දෙන්න එක්කම ටිකක් පහලට එනවද
එන්න දුව මගෙ ළඟට අපි අර සරුංගලයෙන් අහමුද
හිඳින්නේ ඇයි මුහුණ නොබලා තදින් හකුලාගෙන දෙතොල්
තනන්නේ ඇයි පනින්නට වගෙ අතින් මදිවාදෝ රුකුල්
කියන්නේ මොනවාද මුමුණා හෙමින් තව ගසමින් පතුල්
ඇහෙන්නේ නැතුවාද දුව තව වෙන්නකෝ අම්මීට තුරුල්
තාම යන්තම් මාස හතරයි ඒත් එන නම වෙනිදට
බෝම බරපතලයි නොවේදෝ ඔවැනි දේ පොඩි ඔළුවට
ඒක තේරුනෙ නැතිද තාමත් දිගින් දිගටම හිතුවට
මේම දේ මට කියන්නේ ඇත්තටම අම්මිට පිස්සුද ...
No comments:
Post a Comment