සුපුරුදු නදකි සවනත වෙත එන කුරුළු
අර අර දුටිමි සෙලවෙන යුරු ගස වෙරළු
කවුදෝ ඉන්නෙ මල් සුටික්කා යහළු
ඉඳගෙන වෙරළු අත්තේ බලමින් අවට
කිය කිය සිංදු තාලය අල්ලයි රුවට
කවුරුද අහන් ඉන්නේ ගෙයි සිට එවිට
අපි දෙන්නා නෙ යමු අපි චුට්ටක් ළඟට
හැමදාමත් උදේ ඇවිදින් මෙලෙස එයා
අපි හට ඇසෙන්නට යයි සුමිහිරිව ගයා
අහමුද එයාගෙන් රහසක් කනට තියා
සූටික්කෝ ගයන්නේ කා ගැනද ඔයා
හිනැහෙන බබා වගෙ මෙහෙ සුරතල් පුංචි
පැටියෙකු මටත් ඉන්නව කූඩුවෙ හිච්චී
සිහිවන විටදී වස්තුව මගෙ පොඩි පැංචි
නොදනිම වගේ කව් ගී මුව මතු වෙච්චී
ඇත්තද අනේ සූටික්කෝ පවසන්නේ
අපෙ පොඩි බබා වගෙ පැටියෙකු දෝ ඉන්නේ
දැකුමට එයා ආසා සිත උපදින්නේ
කවදද කියන මෙහි එක්කකරගෙන එන්නේ
එදවස එනතුරු නෙ මම මේ ඉන්නේ බලන්
ඉස්සර කරන් පැටියා මගෙ යන්න ගමන්
සියුමැළි පුංචි තටු සවිමත් වෙච්ච ගමන්
එන්නම් අපි !! දුවයි අම්මයි ඉන්න බලන් ..
No comments:
Post a Comment