
රාත්‍රිය කොයි තරම් සුන්දරව තිබුනත්
එහි ඇතැයි හැඟෙනවා කාගේ හෝ කඳුලක්
දහවලේ කළුවෙලා නොලබමින් හෙවනක්
වැතිරිලා හති අරී දිගම දිග හුස්මක්
නහවමින් අතු රිකිළි හඳ එළිය අහුරක්
ගලද්දීත් නොලියවී තියේ යම් කවියක්
නොපෙනුණත් හදවතේ කළුවරක ලකුණක්
තිබිය හැක හඳ එළිය මග හැරුණු පෙදෙසක්
අතීතෙන් හමා එන කුමක්දෝ සුවදක්
උරා බී සන්සුන්ව මිදී යයි සුසුමක්
ඉරුණු තැන් වල යොදා පැලැස්තර මැහුමක්
පෙතිඅරී හෙට උදෙත් පිපෙන්නට පැතුමක්!
(පින්තුරය අන්තර්ජාලයෙනි.)
ප. ලි.
සති තුනක් නිකන්ම වාෂ්ප වී ගිය නිසාත් අද නම් එක වචනයක් හරි පොස්ට් නොකර නැගිට්ටොත් බලාගමුයි කියා මටම තර්ජනය කරගත් නිසාත් රෑ 9 සිට ලිය ලියා මක මකා යාන්තන් මේක අමුණගත් බව සලකන්න.
ආව්ස් මෙන්න මෙයත් ඇවිත් සතුටුයි..සතුටුයි ❤️
ReplyDeleteටැංකිව් සඳේ.
Deleteමිදුල දිගේ ගලා ගියද පිපෙනා මල් සුවඳක්
ReplyDeleteවදුල පුරා වද දෙනවා මා වවුලන් පොකුරක්
සඳළු තලයෙ හිටියත් හඳ නොදකින දුක් සුසුමක්
කදුළ එක්ක රෑ පුරාම විඳවයි නැත රහසක්....
ලස්සනයි නිර්මාණය. නිවාඩු වෙලාවක මගෙ බ්ලොග් එක පැත්තෙත් ඇවිත් බලන්න.
ජයවේවා !!!
ටැංකිව් දුමී. දුමීගේ කවියත් හැඩයි. මම ගියා බ්ලොග් එක පැත්තෙ. බන්ධනය වෙන්න කලින් ඉක්මනට ආවා. පස්සෙ හිමීට කියවන්න එන්නං.
Delete//තිබිය හැක හඳ එළිය මග හැරුණු පෙදෙසක් // හ්ම්. ඇහැකි ඇහැකි!
ReplyDeleteටැංකිව් නමිෂ්.
Deleteඔයා ලස්සනට ඒ සිතිවිල්ල අකුරු කරලා.
ReplyDeleteටැංකිව් කිවිඳිය.
Deleteඔයාට මම දැම්ම කමෙන්ට් එකට මොකද්ද උනේ?
ReplyDeleteඅනේ සොරි තට්ට තුමෝ. මම ඒක දැක්කා.ඒ උනාට මක්කාවත් ලියාගන්න බැරි උනානෙ සති තුනක්ම පහුවෙනකන්. ලබන සතියට කවි නැතුව වෙන මොකක්හරි වත් ලියන්න බලන්න ඕන. බොහොම ටැංකිව් හොඳේ මටත් ඉන්වයිට් කරාට සහ අද මේ පැත්තෙ ආවාට තරහ නොවී.
Deleteපැතුමත් උදේ පිපෙන මලක් වගේ නේද? රෑ වෙනකොට ආයෙත් සුසුමක් වෙයිද?
ReplyDeleteඔව් අනිවා රෑ වෙනකොට අපේ පැතුම් සුසුම් තමා. ටැංකිව් වේවා.
Delete++++
ReplyDeleteටැංකිව් ඉයන්.
Delete👌👌
ReplyDeleteටැංකිව් නසංකු.
Delete