Thursday, August 11, 2022

235. ඉනික්බිති












උයන් තෙර කෙළවරක නතරවෙමු 
සුසුම් මුසු සුළං රැල්ලක එතෙමු 
ඉනික්බිති සුපෙම්වත් 
දෑස් දෙස නොබලාම  
තනියෙන්ම ආයෙ යන්නට හැරෙමු  

බිම වැටුණු අරලියා ඇහිඳගමු 
දුකක් මුසු සිනා පෙති මත දකිමු 
ඉනික්බිති හැගුම්බර  
සුවඳ ඒ හා රැගෙන 
සුවඳවත් සිතින් යන ගමන යමු 

ඉඳ හිටෙක මතක පොත දිග අරිමු  
සැනසුමේ සිත සතපවා ගනිමු 
ඉනික්බිති සම සිතින්  
ලද නොලද දේ සමග 
අපි අපිට හිමි ලෝක වෙත ඇදෙමු 

ඒත් .... 

ආදරය තුරුළු කර ගෙන ඉදිමු 
සංසාරෙ තව තැනක මුණගැහෙමු 
ඉනික්බිති බිඳක් හෝ 
වෙන් නොවන බව අදම 
මේ දැන්ම අපි අපිට ගිවිස ගමු...



2 comments:

  1. සසරෙන් එතෙර වෙන්නෙ නැහැ ඔය විදිහට lol

    ReplyDelete
    Replies
    1. දෙන්නත් එක්ක එකටම සසර ඉවර කරගන්න බැරි වෙයිද :(

      Delete

සේපාලිකා මල් වෙත පැමිණි ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඉඩක් ඇත්නම් ඔබේ අදහස මෙහි තබා යන්නත් අමතක කරන්න එපා. මුහුණු පොතෙන් මගේ කවි පිටුව කියවන්න කැමති අයට ( මෙතැනින් ) පිවිසිය හැකියි.