Tuesday, October 8, 2019

109. මලක් වැටුනා












අහන විස්තර හමන සුළඟත් නතර කරගෙන ඔබ ගැන
ලිහන හිත ඔබ ගාව නැවතුන සොඳුරු තත්පර ගැන ගැන
ඉවස ගන්නට බැරුව මොහොතක් නොදැක ඔබ රුව සොයමින
දුවන ඇස් දෙක වෙනද එහෙ මෙහෙ අසරණව අද එකතැන

හුඟක් දවසක් මග බලාගෙන නොයිවසිල්ලෙන් ගත වුනත්
ඇවිත් යන්නට කරුණු නොයෙදුනි දුකම පමණක් මට ගෙනත්
නවත් වන්නට නොහැකි අයුරින් ඔබම සිහි වනවිට තවත්
මලක් වැටුනා ගසින් ගිලිහී ඇහිඳ ගන්නට මට අදත්

පටන් අරගෙන අඩක් ලිව් කවි තවම එහෙමම එකතැනයි
මතක් වෙනකොට හිතම කකියයි මිදෙන සුසුමද හරි බරයි
අරන් සුසුවඳ මෙතෙක් ළඟ හිටි මලත් පරවෙන්නට හදයි
තවත් දවසක් ඉතින් ගෙවුනා..මාත් මියැදෙන්නට ළඟයි.
(පින්තූරය අන්තර්ජාලයෙනි)


4 comments:

  1. ලස්සනයි සේපාලිකා මල් සහ ඔබේ කවිය. තව පූසෙක් හිතන හැටි ගැන කවියක් ලියන්න බැරිද, මම හරි ආසයි ඔබේ ඒ කවි වලට.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. ඔන්න මගෙ පූස් හිතන විදිය ලිව්වා. බලන්නකො.

      Delete
  2. Replies
    1. බොහොම ස්තුතියි සඳ. මාත් ආසම මලක්.

      Delete

සේපාලිකා මල් වෙත පැමිණි ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඉඩක් ඇත්නම් ඔබේ අදහස මෙහි තබා යන්නත් අමතක කරන්න එපා. මුහුණු පොතෙන් මගේ කවි පිටුව කියවන්න කැමති අයට ( මෙතැනින් ) පිවිසිය හැකියි.